Monday, May 28, 2012

අලුත් තාලෙට පත්තර බලන්න

අද ලංකාවේ පත්තරනම් කීයක් කියලා තියෙනවාද?? මේ පත්තර ඔක්කොම සල්ලි දීල අරන් කියවන්න ගියොත් කීයක් යනවද?? ඒත් මේ පත්තර වලින් ගොඩක් අන්තර්ජාලය හරහා කියවන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා ඇති නේද?? සමහර පත්තරනම් නොමිලලේම දෙනවා. සමහර ඒවාටනම් ගෙවන්න ඕන.  ඒනම් දන්නේ නැති අයට දැනගන්න මම කියන්නම් මේක කොහොමද කරන්නේ කියලා.

ඉරිදා ලංකාදීප දිනපතා ලංකාදීප




අද ලංකාවේ ජනප්‍රියම පත්තරේ ඕකනේ. ඔය ජනප්‍රියකම නිසාම මෙයාගේ ගණන් වැඩී. මෙයා නිකන් බලන්න දෙන්නේ මුල් පිටුව විතරයි. මෙතෙන්ට ගියාම මුල් පිටුව බලන්න පුලුවන්..

ඔතන දකුණු පැත්තේ උඩ තියෙනවා Sign in  කියලා එකක්. ඒකට ගිහින් එතන තියෙන Trial Registration කියන එකට ඊමේල් එඩ්‍රස් එක දීලා ෆෝම් එක පිරෙවුවාම ඊමේල් එකට මේල් එකක් එනවා. ඒකේ තියෙන ලින්ක් එක ක්ලික් කලාම සුමානයක් මුලු පත්තරේම බලන්න පුලුවන්. සුමානෙන් පස්සේ ආයේ බලන්න පුලුවන් මුල් පිටුව විතරයි. දෙවෙනි පිටුව පෙරලපු ගමන් සල්ලි ගෙවන පේජ් එකටයි යන්නේ.