Thursday, January 12, 2012

නොමිලේ ලබාදෙන ඇන්ටි වෛරස් ගාඩ්

පරිගණකයක් භාවිතා කරන කොට විවිද ආකාර වලින් ඔබේ පරිගණකයට වෛරස් අතුලු වෙන්න පුලුවන්. අන්තර්ජාලවෙන්, පෙන් ඩ්‍රයිවස් වලින් තමයි බෝහෝ වෛරස් එන්නේ. මේ වෛරස් වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න ඇන්ටි වෛරස් මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්තාපනය කරලා තියෙන්න ඕන. මේ ඇන්ටි වෛරස් මෘදුකාංගවල මුදල් ගෙවල ගන්න ඕන වැඩසටහනුත් තියෙනවා. ඒවගේ ක්‍රියාකාරීත්වය ඉහලයි. ඒත් කොහෙ තියෙන සල්ලීද??

බය වෙන්න එපා. ඒ ඇන්ටි වෛරස් මෘදුකාංග වලම නොමිලේ දෙන සංස්කරණ තියෙනවා. සාමාන්ය පරිගණකයකට මේ නොමිලේ දෙන ඇන්ටි වෛරස් මෘදුකාංගයක් හොඳටෝම ඇති..

දැන් අපි බලමු මොනාද නොමිලේ දෙන ඇන්ටි වෛරස් මෘදුකාංග කියලා.



මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂස් [Microsoft Security Essentials]




අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් සමගමෙන් නිකුත් කරපු Windos Xp, Windos Vista එහෙමත් නැත්තන් Windos 7 කියන මෙහෙයුම් පද්ධති වලින් එකක්නේ. මේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලඟදි හදුන්වලා දුන්නා ඇන්ටි වෛරස් මෘදුකාංගයක්. ඒක තමයි මේ මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂස්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට දැනට ලෝකයේ තියෙන නොමිලේ දෙන හොඳම ඇන්ටි වෛරස් මෘදුකාංගය මේක. මේක ලේසියෙන් ඉන්ස්ට්‍රෝල් කර ගන්න පුලුවන්.



අවාස්ට් [Avast]



දැනට ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන නොමිලේ දෙන ඇන්ටි වෛරස් මෘදුකාංගය මෙයයි. මෙම   මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ සම්පත් අඩුවෙන් භාවිතා කරන නිසා පරිගණකය ස්ලෝ (මන්දගාමී) වීමක් සිදු නොවෙයි.





අවීරා [Aviraa]


මෙහි තිබෙන විශෙෂත්වය නම්  මෙමගින් ඊමේල් ස්කෑන් කිරීමේ කැකියාවයි. අනෙක් ඇන්ටි වෛරස් මෘදුකාංග වලටත් මෙසේ ඊමේල් ස්කෑන් කල හැකි උනත් මෙහි තාක්ෂණය විශේෂය. එසේම වෛරස් ඇති වෙබ් අඩවි හඳුනාගෙන ඒවා අවහිර කිරීමටද අවීරා වලට පුලුවන්.


 
 
 ඒවීජී [AVG]


ඒවීජී ඇන්ටි වෛරස් මෘදුකාංගය සෝෂල් වෙබ් අඩවි වලින් එන නරක වැඩ සටහන් නැවැත්වීමට හොඳ මෘදුකාංගයකි. මැල්වෙයාස් වලින් පරිගණකය ආරක්ශා කරයි. නිරන්තරයෙන් අන්තර්ජාලයට සම්බන්දවන පරිගණකයකට මෙම මෘදුකාංගය ගැලපේ....

No comments:

Post a Comment