Monday, May 28, 2012

අලුත් තාලෙට පත්තර බලන්න

අද ලංකාවේ පත්තරනම් කීයක් කියලා තියෙනවාද?? මේ පත්තර ඔක්කොම සල්ලි දීල අරන් කියවන්න ගියොත් කීයක් යනවද?? ඒත් මේ පත්තර වලින් ගොඩක් අන්තර්ජාලය හරහා කියවන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා ඇති නේද?? සමහර පත්තරනම් නොමිලලේම දෙනවා. සමහර ඒවාටනම් ගෙවන්න ඕන.  ඒනම් දන්නේ නැති අයට දැනගන්න මම කියන්නම් මේක කොහොමද කරන්නේ කියලා.

ඉරිදා ලංකාදීප දිනපතා ලංකාදීප




අද ලංකාවේ ජනප්‍රියම පත්තරේ ඕකනේ. ඔය ජනප්‍රියකම නිසාම මෙයාගේ ගණන් වැඩී. මෙයා නිකන් බලන්න දෙන්නේ මුල් පිටුව විතරයි. මෙතෙන්ට ගියාම මුල් පිටුව බලන්න පුලුවන්..

ඔතන දකුණු පැත්තේ උඩ තියෙනවා Sign in  කියලා එකක්. ඒකට ගිහින් එතන තියෙන Trial Registration කියන එකට ඊමේල් එඩ්‍රස් එක දීලා ෆෝම් එක පිරෙවුවාම ඊමේල් එකට මේල් එකක් එනවා. ඒකේ තියෙන ලින්ක් එක ක්ලික් කලාම සුමානයක් මුලු පත්තරේම බලන්න පුලුවන්. සුමානෙන් පස්සේ ආයේ බලන්න පුලුවන් මුල් පිටුව විතරයි. දෙවෙනි පිටුව පෙරලපු ගමන් සල්ලි ගෙවන පේජ් එකටයි යන්නේ.

ඕකට විසදුමක් නැද්ද?? තියෙනවා. ඔයාලා පාවිච්චි කරන බ්‍රවුසර් එකන් කෙලින්ම යන්නේ නැතුව ප්‍රයිවට් වින්ඩෝස් එකකින් ඉස්සෙල්ලා ගියපු තැනට යන්න. ඊට පස්සේ වෙන ටැබ් එකකින් මෙතෙන්ට ගිහින් විනාඩි 10 දෙන ටෙම්පරි ඊමේල් එඩ්‍රස් එකක් ගන්න. ඊට පස්සේ කලින් වගේ Trial Registration කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා පත්තරේ ඔක්කොම බලන්න. ආයේ සල්ලි ගෙවන්න කිවුවාම ආයිමත් ඕකම කරන්න.. මොකක් හරි ප්‍රස්නයක් තියෙනවානම් කමෙන්ට් එකකින් අහන්න..

උඩ ලින්ක් එක තියෙන්නේ ඉරිදා පත්තරේට උනාට ඔතනින්ම දිනපතා පත්තරෙත් බලන්න පුලුවන්. උඩ වම් පැත්තේ කෙරවලේ Sunday Lankadeepa කියලා තියෙන තැනට ක්ලික් කරාම (ක්ලික් කරන්න ඕනෙත් නෑ මවුස් පොවින්ට් එක ලං කරාමත් එනවා) එන කොටුවෙන් Daily Lankadeepa තේරුවාම දිනපතා පත්තරේ බලන්න පුලුවන්.. ලංකාදීප වෙබ් පේජ් එක http://www.lankadeepa.lk/

දිවයින


මේකනම් කිසි කරදරයක් නෑ. නොමිලේම මුලු පත්තරේම බලන්න පුලුවන්. මෙතෙන්ට ගිහින් පත්තරේ බලන්න දිවයින වෙබ් පේජ් එක http://www.divaina.com/

දිනමිණ



රජයේ පුවත්පත. මේක බලන්න ඕන නම් මෙතෙන්ට යන්න. දිනමිණ පත්තරේ වෙබ් පේජ් එක www.dinamina.lk

මවුබිම




පහුගිය දවස් වල ජනප්‍රිය වෙච්ච පත්තරයක්. මේකේ ඊ පේපර් එක අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්. මෙතෙන්ට ගිහින් පත්තරේ බලන්න..

අරුණ




මේ දවස් වල ජනප්‍රිය පත්තරයක්.. දෙරණ අරුණ. අරුණ පත්තරේ බලන්න මෙතෙන්ට යන්න..

2 comments:

  1. ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. දැනට කියවන්න‍‍ෙ දිවියින විතරයි.
    ධර්මරත්න එල්.ජී.ජේ.

    ReplyDelete