Tuesday, December 20, 2011

පරිගණකයක් නිවැරදි ආකාරයට පිරිසිඳු කර ගන්නා ආකාරය

පරිගණකයක් පිරිසිඳු කරන සාමාන්ය ක්‍රමය මෙහෙමයි.




1. කේසින් එක සහ මොනිටර් එක පිරිසිඳු කිරීමට ජලය හෝ ඇල්කොහොල් ද්‍රාවණ (මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ) භාවිතා කරන්න පුලුවන්. සැර සේදුම් ද්‍රව්‍ය පාවිච්චි කලොත් මේවගේ පාට වෙනස් වෙන්න පුලුවන්..



warning...........

****** විදුලි පරිපථ සහිත කොටස් ජලය හෝ ඇල් කොහොල් ද්‍රාවණ වලට නිරාවටණය කිරීමෙන් වලකින්න...




2. යතුරු පුවරුවේ (keyboard) යතුරු පිරිසිඳු කිරීමට 90 percent isoproply alcohol ද්‍රාවණ පෙඟවූ මෘදු රෙදි කඩක් භාවිත කල හැක. අවශනම් කුඩා ස්කුරුප්පුනියනක් මගින් යතුරු පුවරුවේ යතුරු ඉවත් කර පිරිසිඳු කර නැවත සවි කල හැක.



warning...........

****** මෙම පිරිසිඳු කිරීම සඳහා Ethyl සහිත ඇල්කොහොල් වර්ග භාවිත නොකල යුතුය.



3. පරිගණකය ඇතුලත පිරිසිඳු කිරීමට බැටරි වලින් ක්‍රියා කරන කුඩා වැකුම් ක්ලීනරයක් බාවිතා කල හැක. නැතහොත් සම්පීඩන වායු බෝතලයක් (Compressed air can) මගින්ද පිරිසිදු කරගත හැක. රත් නොවූ වාතය නිකුත් කරන හෙයාර්ඩ්‍රයර් එකක් උවද භාවිතා කල හැක.



warning...........

****** ප්‍රධාන විදුලියට සම්බන්ද කරන වැකුම් ක්ලීනරයක් බාවිතා කලහොත් ඒ තුල උපදින ස්තිති විද්යුත් ආරොපණ නිසා පරිගණකයේ අභ්යන්තර උපාංග වලට හානි විය හැක. සිසිලන පංකා පිරිසිඳු කිරීමේදි ඒවා කරකැවීමට ඉඩ නොදීය යුතුය.



පිරිසිදු කිරීමට භාවිත කරන කුමන ද්‍රව්‍යක්වත් පරිගණකයේ කුමන කොටසකටවත් ඉසීම හෝ හැලීම නොකල යුතුය. ඒවා රෙදි කැබැල්ලක හෝ ෆෝම් කැබැල්ලක පොඟවා එය මගින් පිරිසිඳු කරගත යුතුය. පරිපත කොටස් කිසිසේත්ම මේවායෙන් පිරිසුඳු නොකල යුතුය.



 දුම් වලට නිරාවරණය වීම ලොම් සහිත සතුන් පරිගණකය අසල ගැවසීම කෙස් සහ දූවිලි වලට නිරාවරණය වීම පරිගණකය භාවිතා කරමින් කෑම ගැනීම වැනි දෑ නිසා පරිගණකය ඉක්මණින් අපවිත්‍ර වේ.

No comments:

Post a Comment